මොකක්ද axiom එකක් කියන්නෙ?






මේක මම කාලෙකට කලින් ඉගෙන ගෙන තිබ්බ දෙයක්. ඒත් ලගදි maths ලෙක්චර් එකකදි මේ axiom කියන වචනේ ඇහුනා. ඉතින් මට හිතුනා මේක ලියලා තියන්න.

සරලවම axiom එකක් කියලා කියන්නෙ අපි ඔප්පු කිරීමකින් තොරව ඇත්ත කියලා සලකන ප්‍රකාශයකට හරි නියත  දේකට  හරි.  කොහෙ හරි මොකක් හරි කරද්දි අපිට ඒක පටන් ගන්න තැනක් තියෙන්න එපැය් අන්න ඒ පටන් ගන්න තැන තමා සරලව axiom කියන්නෙ. මැත්ස් වලදි , පිසික්ස් සහ තර්ක්ශාශ්ත්‍රය ඒ වගේම හැම තැනකම වගේ axiom අපි යූස් කරනවා.

මැත්ස් වල ගත්තොත් මොකක් හරි පැහැදිලි කරන්න අපිට පදනමක් ඕනෙ ඒ පදනම තමය් මේ. කවෘ හරි ඒ පදනම බොරුය් කියලා ඔප්පු කරොත් ඒක උඩ ගොඩ නගපු හැම දෙයක්ම බොරු වෙනවා.

උදාහරනෙකට අපි මැත්ස් වල පාවිච්චි කරන එක ප්‍රත්‍යක්ශයක් තමය් A=B නම් B=C නම් A=C කියන එක.  ඉතින් අපි ඒක හරිය් කියන එක උඩ ඉදගෙන තමය් ගොඩක් සුලු කිරීම් එක එක තියරි ගොඩනගලා තියෙන්නෙ.මේ axiom පාවිච්චි කරලා තර්කානුකූලවා ඔප්පු කරගත්ත සත්‍යකට අපි ප්‍රමේයක් (theory) කියලා කියනවා.

තියරි වැඩක් නෑ අපි කතා කරේ ප්‍රත්‍යක්ශ ගැනනේ. ඉතින් සාපේශතාවාදය උනත් ගොඩනැගෙන්නෙ ආලෝකයේ වේගය නියතය් කියන axiom එක මත. ඉතින් කවෘ හරි ඒක ප්‍රබවය මත හරි නිරීක්ශකයා මත හරි ඩිපෙන්ඩ් වෙනවා කියලා ඔප්පු කරොත් සාපේක්ශතාවදයට බඩුම තමය්.😂

ඉතින් ඔය වගේ මරු axiom තියෙනවා හොයලා බලන්න තර්ක ශාත්‍රයේත් තියෙනව මරු ඒවා.


Comments