මොකක්ද මේ handbook එක කියන්නෙ




මේක මන් කල්පනා කර කර ඉද්දි ඔලුවට ආව පොඩි ට්‍රැක් අදහසක්.  මගෙ ඔලුවෙ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් හිතනවා. මෙලෝ වැඩකට නැති අමුතු දේවල් ගැන ඉගෙන ගන්නවා. හැබැය් ඒවා ඔහේ මන් ගාවම තිබිලා අමතක වෙලා යනවට වඩා කොහෙ හරි ලියල තියන එක හොදය්නෙ.

මන් මුලින්ම බැලුවේ මේවා පොතක ලියන්න. ඒත් පොතක ලියන එක හරිම බෝරින් වැඩක්. ඉතින් මන් බැලුවා පොඩි කාලෙ කරා වගේ (ඒ කාලෙ ගොඩක් බ්ලොග් ලිව්වා ඒකය්) මේ ටික බ්ලොග් එකක ලියනවා කියලා. මුලින්ම හිතුවා වීඩියෝ හදනවා කියලා ඒත් ඒකට සෑහෙන්න මහන්සි වෙන්න එපැය්. අනික මේකෙ ලියද්දි උනත් ඉස්සර වගේ කරුනු හොය හොය දේවල් හොදට ඕර්ගනය්ස් කරල ලියන්න මගෙ අදහසක් නෑ. ඔහෙ ඔලුවෙ තියෙන දේවල් ලියනවා. කවෘ හරි කියෙව්වොත් එහෙමය් නැත්තන් එහෙමය්😊. 

ඊතින් වෙල්කම් ටු මය් වර්ල්ඩ් පුතා.

Comments